ඔබ Emoney Internet marketing වලට නවකයෙක්ද?
සාර්ථකව ප්‍රායෝගිකව අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම කියාදීමට අපි ඔබට සුදානම්.
- අන්තර්ජාලයෙන් සැබෑවටම මුදල් උපයන්න පුලුවන්ද?
ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්. නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ. ගොඩක් දුරට සිදුවන්නේ නවකයින් Emoney වංචා වලට හසු වී තම්න්ගේ ධනයත් කාලයත් නාස්ති කරගෙන නොමග යෑමකි. එම නිසා සමහරු E-money පිලිබද වැරදි වැටහීමක් ඇති කර ගනී.
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අන්තර්ජාලයෙන් සත්‍යවශයෙන්ම මුදල් ඉපයීමට නම් ඔබ තුල කැපවීමක් තිබීමට අවශ්‍යයි. ඒ වගේම ඔබට පරිගණකය හා අන්තර්ජාල භාවිතය පිලිබද සාමාන්‍ය දැනුම ද ප්‍රමාණවත්, නමුත් මුදල් ඉපයීමට නම් ඔබ මෙම ක්ෂේත්රය පිලිබද හොදින් අවබෝධ කරගත යුතුයි. අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔබට ඔබගේ දැනුම හා මොලය වෙහෙසවීමට සිදු වෙනව. ඔබ මෙම පාඩම් මාලාව නිවැරදිව ඉගෙන ගත්තොත් මසකට වැඩි ආදායමක් නිවසේ සිටිම උපයා ගන්න පුලුවන්. නමුත් මතක තියාගන්න. එක දවසින් පෝසතෙක් වෙන්න බැහැ. ඒකට තමන්ගෙ උනන්දුව හා කැපවීම අවශ්‍යයි.
03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?
- PTC Sites(Bux/ Ads Click/Mouse Click) –
මේවා පසුපස ඕනවට වඩාඔබ හඹා යන්න එපා.මක්නිසාදයත් ඔබ E-money වලට නවකයෙක් නිසා ඔබව්යාජ අඩවි වලට හසුවී E-money එපා වෙන්න පුලුවන්. අප ලබාදී ඇති වෙබ් අඩවි කීපය පමනක් වැඩ කලානම් හොඳටම ඇති.
- Mini Data Entry Jobs –
ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි වැඩ නිමකිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook, YouTube, G-mail,etc..)
උදා: Micro-workers,
- Data Entry Jobs –
මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම කල හැක. තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශරටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා, නවාතැන් පහසුකම්, විදේශ රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතුවේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතුවැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක. මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
(Word/Exel/Graphic Designing, Software Development, Web Designing, Accounting, Audio Editing, Video Editing, Article Writing, etc..)
උදා: -Odesk, Freelancer
- උත්සාහයෙන් මුදල් ඉපයීම –
ඔබේහැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක. ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk, Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහාවිශාල ලෙස මුදල් ඉපයිය හැක.
(Word, Excel, Graphic, Designing, Software Development, Web Designing, Accounting, Audio Editing, Video Editing, Article Writing, Facebook, YouTube, Google+, Twitter, Blogger, WordPress, etc…)
උදා: – Fiverr, Gigbucks….
- ඉංග්‍රීසි ලිපි ලිවීම තුලින් මුදල් ඉපයීම –
ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙනමාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter.6. PPC Sites –
තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන ඇඩ් දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: – Google Adsense
- Affiliate Marketing –
අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන්යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එයවැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: – Clickbank,. Ebay..
ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බව, ඔයා මේ බ්ලොග් එක කියවනවා නම් දන්නවා ඇතිනේ. ගොඩක් දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන වැරදියට හිතාගෙන ඉන්නවා. ඔයත් ඒවගේ වැරදිමත වල ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයාට මේ වැරදි අදහස් හින්දා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැරි වෙන්නත් පුලුවන්.
සමහරවිට ඔයා තාමත් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක්, නවකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා මේ මොකක්ද කරන්න යන්නේ කියලා හරියට දැනගෙන පටන් ගන්න එක තමයි හොඳම දේ.
Misconceptions..
ඔයාටත් මේ වැරදි අදහස් තියෙනවනම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.
- නොමිලේ මුදල් හොයන්න පුලුවන්.
ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න පුලුවන්, නමුත් ඔයාට කවදාවත්නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ කියන වචනයත් එක්ක වෙන්න ඇති.
දැන්වීමක් ලියද්දී ලියන්නේ එහෙම තමයි, නමුත් ඒ ලිව්ව දේ වැරදි වෙන්නේ ඇත්තටම කරන්න ගියාම. ඔයාට රුපිලක්වත් වියදම් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න පුලුවන්, ඒ නිසා නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කිව්වත්, ඔයාට ඒ දේ කරන්න කාලය වැයකරන්න වෙනවා.
කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑ, ඔයා කරන මොකක් හරි වැදගත්කමක් ඇතිදේකට තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේ, දැන් ඒ මතය අයින් කරගන්න වෙලාවයි.
- නිකං ඉඳලා මුදල් සෙවීම.
මේකත් ටිකක් මුලින් කිව්ව දේට සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං ඉඳලාසල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ හොයන සුළු මුදලත් හොයන්නේ, එයාලා Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.
කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයට, ඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳල මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්, ඔයා වැඩිකල් යන්නේ නැතුව, මේ ගමන නවත්තනවා.
- මුකුත් නොදැන මුදල් හොයන්න.
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් මුකුත් දන්නේ නැති අයට නෙමෙයි, මොනාහරි දෙයක්, ක්ෂේත්රයක් ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව වැරදි මත දෙකම නිවැරදි මත වුනානම් මේකත් නිවැරදි වෙන්න තිබුනා. ඒත් කවදාවත් එහෙමවෙන්නේ නෑ.
PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයි, මුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියි, එහෙම හිටියොත්. දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..? දැනගන්න බැහැයි කියන්නපුලුවන් දේවල් බොහෝම අත ලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයාකැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.
- Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක් උපයන්න බැහැ.
මේක තමයි තවත් ලොකුම වැරදිමතයක් වෙන්නේ, ඔයාට තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.? ඔයා මේ ක්ෂේත්රය ගැන නොදන්න කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මේ ක්ෂේත්රයට ‘බැහැ’ යන උත්තරය දෙයි.
ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොට, ඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත් වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේ, ඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕන නැති කම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම ලොකු Goal එකකට ලගාවෙන්න පුලුවන්.
Boosting Qualifications
අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English බැහැ, කරන්න මොකක් කරන්නත් English දන්නෙ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ මොලේ පාවිච්චි කරන එක විතරයි. English දැනුම වැඩි කරගන්න ඔයාට Class යන්නම අවශ්‍ය වෙන්නෙ නැහැ. අන්තර්ජාලයෙ Search එකක් දැම්මනම් ඇති තරම් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් Sources තියෙනවා. මම උනත් මේ ක්ෂේත්රයට එනකොට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් වත් තිබුනෙ නැහැ. නමුත් දැන් මට ඕනම කෙනෙක් foreign කෙනෙක් කියන වචන හොදට තේරුම් ගෙන උත්තර දෙන්න පුලුවන්. ඒකට මට ගියේ අවුරුදු 2යි. මට පුලුවන් උනානම් ඇයි ඔයාලට බැරි? දැනුම ඔයා ලඟට එන්නේ නෑ, ඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. අන්තර්ජාලය තියෙනවනම් ඔයාලට ඉගෙන ගන්න බැරි දෙයක් නැහැ, හැකියාව තියෙන්නෙ ඔයාලගෙ අතේ. අස්සට වතුර පොවන්න බැහැනෙ. ලගින් වතුර බාල්දියක් තියල උෟ බොනකම් බලන් ඉන්න ඕන.
ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.
- ගූගල් සර්ච් එක සෑම විටම English වලින් භාවිතා කරන්න.
- ෆේස්බුක් එක උනත් නිතරම සිංහලෙන් භාවිතා කරන්න එපා. ඔයාල Smart Phone එකක් Use කරනවනම් ඒකෙ Main Language එක English වලින් භාවිතා කරන්න, සිංහල භාවිතා කරන්න එපා. එහෙම උනොත් ඔයාලට English වචනයක් හරි මතක තියාගන්න පුලුවන් වෙන අවස්ථාවක් නැති වෙනවා.
- English Radio අහන්න, English සිංදු Slow motion Play කරන ගමන් ඒවගෙ Lyrics අරගෙන සිංදුවත් එක්ක කියන්න උත්සහ කරන්න. Dictionary එකකින් වචන වල තේරුම ගොඩනගන්න බලන්න.
- ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.
- තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
- English උප සිරැසි එක්ක English Movies බලන්න. කථා කරන වචන හා Subtitles ගලපල තේරුම් ගන්න උත්සහ කරන්න.
- English books කියවන්න. නොතේරෙන වචන Dictionary එකෙන් බලන්න.
කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්න, ඔයාට ඉබේම හොද English දැනුමක් එයි. ඔයාට හොද වාක්‍ය ඛණ්ඩ (Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයා දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා Forums හා facebook groups වල පුන්චි දේ පවා අහනවා, ඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්න? ඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා. English දන්නවනම්, අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕනවිදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආස, කැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.
ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්, ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. ඔයාල දන්න පුංචි දෙයක් උනස් සල්ලි කරන්න පුලුවන් අන්තර්ජාලයෙන්. ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනයකරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්නදේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි.
ති සාර්තකම Internet Money E – Business Fiverr පාඨමාලාව 100%ක් Learn From Home, Work From Home නීත්‍යානුකූලව අන්තර්ජාලයෙන් ලොව අනගිතම තාක්ෂණය භාවිත කරමින් මුදල් උපයන්න. Graphic designing, Logo designing, Online buying & selling, Google Adesnes, YouTube, Ads click ඇතුලු සුපිරිතම ක්‍රම භාවිතයෙන් මසකට රු 10000/- 100000 කට වඩා උපයන්න, සියල්ලම ඉගෙනගන්න.
ORDER NOW CLICK HERE